FAST NEWS

24×7 Around the Globe

නව යුද හමුදාපති රාජකාරී අරඹයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා යුද හමුදාවේ 24 වැනි යුද හමුදාපති ලෙස ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ අද සිය ධුරයේ රාජකාරී ආරම්භ කළේය.

ඒ ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද හමුදා මූලස්ථානයේදී ය.

ආගමික වතාවත්වලින් අනතුරුව රාජකාරී ආරම්භ කළ නව යුද හමුදාපතිවරයාට සම්මාන මුරයක් ද පිරිනැමී ය.

යුද හමුදාධිපති ධූරයට පත්වීම ලබන විට යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ධූරයේ රාජකාරි කළ නව යුද හමුදාධිපතිවරයා ඊයේ (31) ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් යුද හමුදාපති ධූරයේ පත්වීම් ලිපිය භාරගත්තේය.

විකුම් ලියනගේ මහතා 1986 වසරේ ඔක්තෝබර් 27වැනිදා ශ්‍රී ලංකා යුද හමුදාවට එක්වූයේ, කැඩෙට් නිලධාරියෙකු ලෙසයි.