FAST NEWS

24×7 Around the Globe

දුමින්ද සිල්වා ජයවර්ධනපුර රෝහලේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ලබාදුන් ජනාධිපති සමාව අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (31)අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ අතර ඒ අනුව ඔහුව වහාම අත්අඩංගුවට ගෙන බන්ධනාගාරයේ මරණ දඩුවම නියමවූවන්ගේ වාට්ටුවට යොමු කරන ලෙස දන්වා තිබුණි.

නමුත් අද උදේ වාර්තාවන්නේ දුමින්ද සිල්වා රෝහල් වාට්ටුවකට හදිසියේ ඇතුළත්ව ඇති බවයි. ඔහු මේවන විට ශ්‍රී ජයර්ධනපුර රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වෙයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් සිය ෆේස්බුක් පිටුවේ කෙටි වාක්‍යයක් පමණක් සදහන් කර ඇත.

‘පොලිස් දෙපාර්තමේන්තුවට සහ සී.අයි.ඩි.යට ඔත්තුවක්! ශ්‍රී ජයවර්ධනපුර රෝහල, වාට්ටු අංක 18’එහි දැක්වේ.