FAST NEWS

24×7 Around the Globe

“මොකක්ද එකක් හදන්න ගඩොලක් සිඹ සිඹ යනවා”- මහින්ද රාජපක්ෂ

පෝට් සිටි එකේ වංචා නැතැයි පිරිසක් දැන් කියන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

වංචා සිදුව ඇති බව කියා සිටියේද එම පිරිස් බව හිටපු ජනාධිපතිවරයා පෙන්වාදෙයි.

“දැන් අර මොකක්ද එකක් හදන්න ගඩොලක් සිඹ සිඹ යනවා මේවා තමයි දැන් ආණ්ඩුව කරන්නේ” යනුවෙන් හිටපු ජනාධිපතිවරයා නාරාහෙන්පිට අභයාර‍ාමයේදී ‍මේ බව කියා සිටියේය.

එහිදී හිටපු ජනපතිගේ ප්‍රධානත්වයෙන් කාන්තා නි‍යෝජිත හමුවක් හා රුහුණු මිතුරු සංසදයේ හමුවක් පැවැත්විණ,

ණයට බඩු ගැනීම නිසා අපේ කෙනෙක් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර ඇති බවද පැවසූ හිටපු ජනාධිපතිවරයා “අපි නැති මාස 4ට කොළඹ කුණු ගොඩක් වෙලා” යනුවෙන් ද කියා සිටියේය.

පළිගැනීම් සඳහා පැය 24ම කාලය යෙදෙව්වාම අනෙක් දේවල් කිරීමට වෙලාවක් නැති බවද හෙතෙම පෙන්වාදුන්නේය.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මෙරට කාන්තාවන්ගෙන් සමාව ගත යුතු බවට අග්‍රාමාත්‍යවරයා පසුගියදා කළ ප්‍රකාශයක් ගැන මාධ්‍යවේද‍ියෙකු ප්‍රශ්න කළ අවස්ථාවේ රාජපක්ෂ මහතා කියා සිටියේ කාන්තාවන්ට වැඩ කළේ, ඔවුන්ට රැකියා දුන්නේ කවුදැයි හැමෝම දන්නා බවයි.