FAST NEWS

24×7 Around the Globe

‘රැට්ටා‘ ඇතුළු පිරිසකට පොලිසියෙන් කැඳවීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සමාජ මාධ්‍ය ක්‍රියාකාරී රතිඳු සුරම්‍ය සේනාරත්න හෙවත් ‘රැට්ටා’ නමැති පුද්ගලයාට අද (30) හවස 3ට කොප්පඤ්ඤවීදිය පොලිසියේ පෙනී සිටින ලෙස දැනුම් දීමක් ලැබී තිබෙනවා.

ඔහු ඇතුළු තවත් පිරිසකට යි මෙම කැඳවීම ලැබී ඇත්තේ.

ඉකුත් දිනයක දී කොටුව මහේස්ත්‍රාත් උසාවිය ඉදිරිපිට සිදු කළ විරෝධතාවක් හේතුවෙන් මෙම කැඳවීම සිදු කර ඇති බව වාර්තා වනවා.

එම විරෝධතාව හේතුවෙන් උසාවියේ කටයුතුවලට බාධා වූ බව ප්‍රකාශ කරමිනු යි අදාළ පැමිණිල්ල ගොනු කළ පිරිස පැමිණිල්ල ගොනු කර ඇත්තේ.

ගාලුමුවදොර අරගලය හා ‘ගෝඨාගෝගම’ ඇතුළු මේ වන විටත් ක්‍රියාත්මක වන අරගලය තුළ, රැට්ටා ඉතා ම ක්‍රියාකාරී ලෙස කටයුතු සිද්ධ කළ අයෙක්.