(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තමන් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත්තේ මහින්ද රාජක්ෂ මහතාගේ පහරදීමක් නිසා බවට තමන් පැවැසුවේ යැයි සඳහන් කරමින් මේ වන විට සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන පුවත අසත්‍ය බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහතා පවසයි.
තම ට්විටර් ගිණුම හරහා සටහනක් තබමින් සංගක්කාර මේ බව සඳහන් කරයි.








