(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බණ්ඩාරගම, අටලුගම ප්‍රදේශයේ දී පෙරේදා (28) දිනයේ දී ඝාතනය ලක් වූ 09 හැවිරිදි දැරිය ෆාතිමා අයිෂා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ඊයේ (29) පොලිසිය භාරයට ගැනුණු පුද්ගලයින් දෙදෙනා අතරින් එක් අයෙකු ප්‍රධාන සැකකරු ලෙස හඳුනාගෙන ඇත. මෙම සැකකරු මුලින් විස්තරවූ කීර කොටුවේ සිටි පුද්ගලයා නොවන බවද පොලිසිය කියයි.
ඔහු පැවසූ ආකාරයට දැරිය දූෂණය කිරීමට උත්සාහ දරා පසුව දැරිය තමාව හඳුනාගත් නිසා ඝාතනය කළ බව දන්වා තිබේ.
කෙසේ වෙතත් ඔහු පවසන කරුණු විමර්ශනය තවමත් අවසන් නැතැයිද පොලිසිය පවසයි.
අද දහවල් සිදු කළ පශ්චාත්මරණ පරීක්ෂණය අනුව දැරිය දූෂණය වී නැති බව තහවුරු කර තිබේ. ඝාතනය කළ බව පිලිගත්
29 හැවිරිදි මේ පුද්ගලයා දෙදරු පියෙක් වන අතර අයිෂා ගිය වෙළෙඳ සලට ආසන්න නිවසක වාසය කරන්නෙකි. ඔහුද නිරන්තරයෙන් මත්ද්‍රව්‍ය ලබාගන්නා පුද්ගලයෙකු බව හෙළිව තිබේ.
පසුගිය 27 වනදා සිය නිවසේ සිටියදී මෙම දැරිය හුදෙකලාව යන අයුරු දුටු බවත් එම අවස්තාවේ දැරිය පැහැරගන්නට එක්වරම අදහසක් පැමිනි බවත් කියා තිබේ.අනතුරුව මෙම දැරිය ඔසවා ගත් සැකකරු ඇය රැගෙන කැලෑබද ප්‍රදේශයකට ගොස් ඇති බවත් ඉන් අනතුරුව දැරියට යම් අතවරයක් සිදු කිරීමට උත්සාහ කරත් එම අවස්තාවේ එය සිදු කරන්නට තමන් බිය වූ බව ඔහු පොලිසියට ලබාදුන් ප්‍රකාශයේ සඳහන්ය.
තමාව දන්නා හඳුනන කෙනෙකු බැවින් අතවර උත්සාහය ගැන ඇය හෙළි කරාවි යයි ඇතිවූ බියට පසුව ඇය මරා දමන්නට ක්‍රියා කළ බවද මෙම පුද්ගලයා පොලිසිය හමුවේ ප්‍රකාශ කර ඇතැයි පැවසේ.දැරිය ඝාතනය කළ ආකාරය ගැන තවම ඔහු විස්තර හෙලි කර නැත.
පානදුර විශේෂ අපරාධ විමර්ශන ඒකකය සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව මෙම සිද්ධියට සම්බන්ධ තොරතුරු අනාවරණය කරගෙන තිබුණි.
මෙම ඝාතන සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පානදුර රෝහලේදී සිදුකර දැරිය දූෂණය වී නැති බව සොයාගත් අතර වැඩිදුර වාර්තාව අධිකරණයට ඉදිරිපත් කර තිබේ. මේ සම්බන්ධව දැනටමත් පවුලේ සාමාජිකයන් හා අසල්වැසියන් ඇතුළු 30 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන බවද පොලිසිය සඳහන් කර තිබේ.









