(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ බැස්ටියන් මාවත ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මියගොස් තවත් අයෙකු බරපතළ තුවාල ලබා තිබේ.
තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා මේ වනවිට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔහු ශෛල්‍යකර්මයක් සඳහා යොමුකර ඇති බව රෝහල් ආරංචිමාර්ග පැවසීය.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු එම වෙඩිතැබීම සිදුකර ඇති අතර වෙඩිතැබීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 30 හැවිරිදි අයෙකි.








