FAST NEWS

24×7 Around the Globe

අමරකීර්ති අතුකෝරල ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවෙකු අල්ලයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පසුගිය 09 වනදා නිට්ටඹුවේ දී සිදුවූ පාර්ලිමේතු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල මහතාගේ ඝාතනය සහ ඔහුගේ ආරක්ෂක නිලධාරී පොලිස් සැරයන් ගුණවර්ධන මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත.

ත්‍රීරෝද රථ රියදුරෙක් වන 37 හැවිරිදි අදාළ සැකකරුව පෙරේදා(27) දිනයේ නිට්ටඹුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධියට අදාළව ඔහුගේ සහෝදරයාත් මීට පෙර අත්අඩංගුවට ගත් අතර ඔහු මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතව පසුවේ.

මේ අනුව මෙම සිද්ධියට අදාළව සැකකරුවන් 17 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.