(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්දියාව හා ජපානය ශ්‍රී ලංකාවට ආධාර ලබාදීම සම්බන්ධව ධනාත්මක ප්‍රතිචාරයක් දැක්වීම පිළිබදව එම රටවලට කෘතඥතාවය පළකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
අගමැතිවරයා ට්විටර් පණිවුඩයක් තබමින් මේ බව පවසයි.
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට උපකාර කිරීමට ඉන්දියාව සහ ජපානය එකඟතාවයකට පැමිණි බව පසුගියදා වාර්තා විය. ඒ අනුව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ සම්බන්ධයෙන් ස්තූතිය පළ කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබුණි.
එමෙන්ම ලංකාවට ආධාර ලබා දීමට ඇමෙරිකා, ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාවෙන් කරන ලද ඉල්ලීම්වලට පැහැදිලි ප්‍රතිචාරයක් ලැබී තිබෙන බවද අග්‍රාමාත්‍යවරයා එම ට්විටර් පණිවුඩයෙන් වැඩිදුරටත් සදහන් කර ඇත.








