FAST NEWS

24×7 Around the Globe

ඇමති කංචන පවතින ඉන්ධන සංචිත ගැන කියයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මුතුරාජවෙල හා කොළොන්නාව ඉන්ධන ගබඩා පර්යන්තවල මේ වන විට පවතින ඉන්ධන සංචිත පිළිබඳ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා තොරතුරු හෙළි කර තිබේ.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබන අමාත්‍යවරයා සදහන් කර ඇත්තේ මේ වන විට ඩීසල් මෙට්‍රික් ටොන් 17,077 ක් පවතින බවයි. සුපර් ඩීසල් මෙට්‍රික් ටොන් 1,072ක් , ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 37,391 ක් පවති.

එමෙන්ම අද උදෑසන වන විට කොළොන්නාවේ හා මුතුරාජවෙල පර්යන්තවල ඇත්තේ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 6,142 ක් පමණක් බව අමාත්‍ය කංචන විජේසේකර මහතා වැඩිදුරටත් සදහන් කරයි.