(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හෙට (28) දිනයේත් ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදාහැරීමක් සිදු නොකරන බව ලිට්‍රෝ ගෑස් සමාගම දැනුම්දී තිබේ.
ඒ හේතුවෙන් හෙට දිනයේ ද ගෑස් ලබාගැනීම සඳහා පෝලිම්වල රැඳීනොසිටින ලෙසට ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.
මේ අතර 24, 25, 26 සහ 27 යන දින 4 ද ගෑස් බෙදාහැරීමක් සිදු නොවන බව ලිට්‍රෝ සමාගම මීට පෙර දැනුම්දී තිබුණි.
ඒ අනුව හෙට දිනයත් සමග දින 5ක් අඛණ්ඩව ලිට්‍රෝ ගෑස් බෙදාහැරීමක් සිදු නොවනු ඇත.








