(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ණයවර ලිපි විවෘත කිරිමට හැකියාව ලැබී ඇති බැවින් ඉදිරි දින කිහිපය තුළ වෙළඳපොලට ගෘහස්ථ ගෑස් සිලින්ඩර නිකුත් කිරිමට හැකියාව ලැබෙනු ඇති බව ලාෆ් ගෑස් සමාගම පවසනවා.
පසුගිය කාලය පුරා වෙළඳපොලට ලාෆ් ගෑස් නිකුත් කිරිම සිදු නොවීම හේතුවෙන් එම පාරිභෝගිකයින් දැඩි දුෂ්කරතාවට පත්විය.
ඒ අනුව සිය පාරිභෝගිකයින් සදහා අවශ්‍ය ගෑස් විධිමත් ලෙස වෙළද පොලට නිකුත් කිරිමට කටයුතු කරන බව ලාෆ් සමාගම ප්‍රකාශ කළා.
මේ අතර ලිට්රෝ ගෑස් සමාගම ඊයේ නිවේදනය කළේ අද දිනයේ ද සිලින්ඩර බෙදාහැරිමක් සිදු නොවන බවය.








