FAST NEWS

24×7 Around the Globe

මහින්දගෙන් CIDයට පැය 03ක ප්‍රකාශයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගෝල්ෆේස් සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට සාමකාමී විරෝධතාකරුවන්ට පහර දී රටම ගිනි තැබූ මැයි 09 අපරාධයට ප්‍රධාන වග උත්තරකරුවෙක් ලෙස සමාජයෙන් චෝදනා ලැබ සිටින හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගෙන් ඊයේ (25) සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් පැය 03ක් තිස්සේ ප්‍රකාශයක් ලබා ගත්තේය.

හිටපු අග්‍රාමාත්‍යවරයා ධුරයෙන් ඉල්ලා අස්වීම ප්‍රකාශ කිරීම සඳහා බව පවසමින් රට පුරා සිටින පොහොට්ටුවේ සාමාජිකයින් අරලියගහ මන්දිරයට ගෙන්වූ පිරිස මේ අපරාධය සඳහා දැනුවත්ව මෙහෙයවූ බවට හිටපු අගමැතිවරයාට අධිකරණය ඉදිරියේත් චෝදනා එල්ල විය.

ඔහුගෙන් ප්‍රකාශයක් හෝ සටහන් කර නොගැනීම සම්බන්ධව වින්දිතයෝ ප්‍රශ්න කළහ.

මේ තත්ත්වය තුළ මේ වනවිට ආරක්ෂාව පතා කොළඹ ආරක්ෂිත රහස් ස්ථානයක ගත කරන හිටපු අගමැතිවරයා හමුවීමට එම ස්ථානයට රහස් පොලිසියේ කණ්ඩායමක් ගොස් තිබිණි.
එසේ ගොස් මෙම ප්‍රකාශය සටහන් කරගෙන ඇත.