FAST NEWS

24×7 Around the Globe

වගා නොකළ ඉඩම් රජයට පවරා ගැනීමට සූදානමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වගා නොකළ ඉඩම් හා පුරන් කුඹුරු වහා රජයට පවරා ගැනීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සැලසුම් සකස් කරයි.

මේ සඳහා අවශ්‍ය ගැසට් පත්‍රය කඩිනමින් සකස් කර නිකුත් කරන්නැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දී තිබේ.

මේ වගා නොකළ ඉඩම්, පුරන් වූ කුඹුරුවල හිමිකරුවන් බහුතරයක් දීර්ඝ කාලයක් විදෙස්ගත වී සිටින අය මෙන්ම කොළඹ නගරයේ පදිංචි වී සිටින බැවින් ගම්වල ඔවුන් සතුව ඇති මේ වගා බිම් නිකරුනේ පාළුවට ගොස් තිබෙන බව අනාවරණය වී තිබේ. ඒ අනුව මේ ඉඩම් පවරාගෙන තරුණ ප්‍රජාවගේ ශ්‍රමය යොදා ගනිමින් වගා කටයුතු ඇරැඹීමට සැලසුම් කර තිබේ.