FAST NEWS

24×7 Around the Globe

ඉන්දියාවෙන් ජල ප්‍රහාරක රථයක් සපයා නොමැති බව සනාථ කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –

ඉන්දීය ණය ආධාර යටතේ ශ්‍රී ලංකා ජල ප්‍රහාරක රථයක් ආනයනය කර ඇති බවට පළවන වාර්තාවල සත්‍යතාවයක් නොමැති බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

ඉන්දියාව, ශ්‍රී ලංකාවට ලබාදී ඇති කිසිදු ණය මාර්ගයක් යටතේ ඉන්දියාවෙන් ජල ප්‍රහාරක රථයක් සපයා නොමැති බව ද ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

වත්මන් තත්ත්වය තුළ ශ්‍රී ලංකාවේ ජනතාවට අවශ්‍ය ආහාර, ඖෂධ සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාදීම සඳහා ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියන 1 ක ණයක් ලබා දීමට අපේක්ෂා කරන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය.