හදිසි නීතිය පැනවීම ගැන අමෙරිකානු තානාපතිනියගේ නොසතුට

හදිසි නීතිය පැනවීම ගැන අමෙරිකානු තානාපතිනියගේ නොසතුට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –

ශ්‍රී ලංකාව තුළ හදිසි නීතිය පැනවීම සම්බන්ධයෙන් අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබේ.

එහි දැක්වෙන්නේ, සාමකාමී පුරවැසියන්ගේ හඬට සවන්දිය යුතු අතර රට යළි සෞභාග්‍යයේ මාවතට ගෙනඒම සඳහා ශ්‍රී ලාංකිකයින් මුහුණදෙන සැබෑ අභියෝගයන්ට දිගුකාලීන විසඳුම් අවශ්‍ය වන බවය.

ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි හදිසි නීතිය පැනවීමට රජය තීරණය කළේය.

රටේ යහපැවැත්ම සුරක්ෂිත කිරීමටත්, මහජනයාට අත්‍යවශ්‍ය සැපයීම් හා සේවා පවත්වාගෙන යාම සඳහාත්, ජනාධිපතිවරයාට ව්‍යවස්ථානුකූලව පැවරී ඇති බලතල ප්‍රකාරව හදිසි නීතිය ප්‍රකාශයට පත්කරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

COMMENTS

Wordpress (0)