FAST NEWS

24×7 Around the Globe

ඩීසල් සහ පෙට්‍රල් මිලදී ඉන්දියාවෙන් ගැනීමට කැබිනට් අනුමැතිය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –

ඉන්දීය අපනයන-ආනයන බැංකුව විසින් සපයනු ලබන ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක කෙටිකාලීන ණය පහසුකම යටතේ සීමාසහිත ඉන්දියන් ඔයිල් කෝපරේෂන් සමාගමෙන් ඩීසල් සහ පෙට්‍රල් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඩීසල් සහ පෙට්‍රල් මිලදී ගැනීම සඳහා ප්‍රසම්පාදන හතරක් සඳහා ලංසු කැඳවා ඇති අතර කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත සීමාසහිත ඉන්දියන් ඔයිල් කෝපරේෂන් සමාගමට කොන්ත්‍රාත්තුව ලබාදීම සඳහා විදුලිබල අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණි.