FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමේදී කතානායකවරයා බරපතළ අර්බූදයකට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –

අද දිනයේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමේදී කතානායකවරයා බරපතළ අර්බූදයකට පත්වන ලකුණු මේ වනවිට පහළ කොට ඇති ආකාරයක් දැකගන්නට තිබේ.

ඒ නියෝජ්‍ය කතානායකවරයාගේ පත්වීම සිදුකරන්නේද නැතහොත් දැනට සමගි ජන බලවේගය විසින් බාර දී ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් කටයුතු කරන්නේද යන්න පිළිබදව තීන්දුවක් ගැනීමට කතානායකවරයාට සිදුව තිබීම හේතුවෙනි.

ඊයේ දිනයේ පෙරවරුවේ රැස්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු කටයුතු පිළිබද කමිටුවේදී මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිතව තිබුණද සමගි ජන බලවේගය විසින් ඊයේ දින කතානායකවරයාට විශ්වාසභංග‌ යෝජනා බාර දීම හේතුවෙන් එය ‌පැවැත්වුණේ නැත.

ඒ අනුව සමගි ජන බලවේගය සූදානමින් සිටින්නේ අද දිනයේදී පළමුව විශ්වාසභංග යෝජනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ කටයුතු ඉදිරියට ගෙන යාමටය.