FAST NEWS

24×7 Around the Globe

ජනතාවගේ ඉල්ලීම් පාවාදෙන්නේ කවුද, දැන් වටහා ගන්න පුළුවන්!

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –

මේ රටේ ජනතාව ඉල්ලා සිටින ජයග්‍රහණය උදෙසා අද තීරණාත්මක පියවරක් තැබූ බවත් ඒ අනුව විශ්වාසභංග දෙකක් ආණ්ඩුවට හා ජනාධිපතිවරයාට එරෙහිව ගෙන ආ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සමගි ජන බලවේගය ජනතා අපේක්ෂාවන් සමග කටයුතු කරන බව පැවසූ විපක්ෂ නායකතුමා ජනතා අපේක්ෂාවන් පිළිබිඹු කැරෙන විශ්වාසභංග යෝජනාවලට අත්සන් නොකරන සහ සහයෝගය ලබා නොදෙන මහජන නියෝජිතයින් කවුදැයි ජනතාවට හදුනාගත හැකි බවද පැවසීය.

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග දෙකක්කතානායකවරයාගේ නිල නිවසේදී භාර දුන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතිනි.

එම අවස්ථාවට මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර,විපක්ෂ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල,ඉම්තියාස් බාකීර් මාකර්, ගයන්ත කරුණාතිලක, ඉරාන් වික්‍රමරත්න, මනුෂ නානායක්කාර යන මන්ත්‍රීවරු සහභාගි වුහ.