(ෆාස්ට් නිව්ස් | කොළඹ) –
ග්‍රාමීය සංවර්ධන කටයුතු කිසිවක් නතර නොකර අඛණ්ඩව කරගෙන යාමට, රජය තීරණය කළ බව, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය, සභානායක දිනේෂ් ගුණවර්ධන පවසනවා. ඔහු සඳහන් කළේ බදු ප්‍රතිපත්තිය ප්‍රතිසංස්කරණයටද, රජය තීරණය කර ඇති බවයි.
අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මෙම අදහස් පළ කළේ, පාදුක්ක- ගලගෙදර සහ දඹෝර ප්‍රදේශවල ඊයේ(03) පැවති උත්සවවලට එක්වෙමින්.
රුපියල්වලින් ආදායම ඉහළ නංවා, එහි ප්‍රතිලාභ පොදු ජනතාව වෙත ලබාදීම, බදු ප්‍රතිපත්තිය ප්‍රතිසංස්කරණය කිරීමේ අරමුණ බව ඔහු කියා සිටියා. ඒ අනුව ඉහළ ආදායම් ලබන්නන්ට ඉහළ බදු පැනවීම සිදු කළ යුතු බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන කියා සිටියා .








