FAST NEWS

24×7 Around the Globe

පුරප්පාඩුව වූ නියෝජ්‍ය කතානායක ධූරයට අද තෝරා ගන්නේ නෑ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –

පුරප්පාඩුව පවතින නියෝජ්‍ය කතානායක ධූරයට අද දිනයේදී පුද්ගලයෙකු පත් කීරීමට නොහැකි වනු ඇතැයි වාර්තා වනවා.

ඊට හේතුව වී ඇත්තේ හිටපු නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටියගේ ඉවත් වීම ජනාධිපතිවරයා මෙතෙක් පිළිගන නොතැබීම බවට ආණ්ඩු පක්ෂයෙන් තර්කයක් මතු කිරීමයි.

කෙසේ වෙතත් නියෝජ්‍ය කතානායක ධූරයට තම පක්ෂය ද සුදුස්සෙකු නම් කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක කිරිඇල්ල පසුගියදා සදහන් කළා.

මේ අතර කතානායකවරයා විසින් අද උදෑසන විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැදවා තිබෙනවා