නියෝජ්‍ය කතානායක ධූරය හිස්…04 දා ඡන්දයක්..!!!!

නියෝජ්‍ය කතානායක ධූරය හිස්…04 දා ඡන්දයක්..!!!!

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධූරය මේ වනවිට පුරප්පාඩුව පවතිනවා.ඒ හිටපු නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය ඊයේ එම ධුරයෙන් ඉවත් වීමත් සමගයි.නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීනවීමත් සමග රංජිත් සියඹලාපිටිය මංත්‍රිවරයා ද මීට පෙර එම ධූරයෙන් ඉවත් වූ අතර ජනාධිපතිවරයා කළ ඉල්ලීකට අනුව ඊයේ දිනය දක්වා ඔහු එම ධුරයේ කටයුතු කිරීමට යලි තීරණය කළා.

කෙසේ වෙතත් ලබන 04 දා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර මුලින්ම නියෝජ්‍ය කතානායකවරයෙකු පත් කර ගැනීමට සිදුවනු ඇති.

ඒ සදහා නමක් යෝජනා කිරීමට විපක්ෂයද සූදානමින් සිටින බව දේශපාලන ආරංචිමාර්ග සදහන් කළා.

ආණ්ඩුව ද ඒ සදහා නමක් යෝජනා කළහොත් නියෝජ්‍ය කතානායක තෝරා ගැනීමට ඡන්දයක් පැවැත්වීමට කතානායක වරයාට සිදුවන අතර එය ආණ්ඩුවේ බහුතරය උරගා බැලෙන අවස්ථාවක්ද වනු ඇති බවයි දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

COMMENTS

Wordpress (0)