FAST NEWS

24×7 Around the Globe

ජනාධිපති ගෝඨාභයට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට දෙමළ ජාතික සන්ධානය මේ වන විට සියලු සැලසුම් සකස් කොට ඇති බව වාර්තා වේ.

මේ ආකාරයට විධායක ජනාධිපතිවරයකුට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වන්නේ ඉතිහාසයේ පළමු වතාවටය.

සාමාන්‍යයෙන් ජනාධිපතිවරයකුට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් ඉදිරිපත් වුවත් මෙතෙක් ජනාධිපතිවරයකුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත්වී නැත.

දෙමළ සන්ධානයේ අරමුණ වී ඇත්තේ විශ්වාසභංගය පාර්ලිමේන්තුවේ සම්මත කිරීම හරහා ජනාධිපතිවරයාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්වාසය නොමැති බවට රටටත්, ජාත්‍යන්තරයටත් තහවුරු කර සිටීමය.