FAST NEWS

24×7 Around the Globe

සමගි පා ගමන අද පෑලියගොඩ දක්වා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –

සමගි ජනබලවේගය පක්ෂය විසින් සංවිධානය කෙරෙන විරෝධතා පා ගමන අද (30) දිනයේ පෑලියගොඩ දක්වා ගමන් කිරීමට නියමිතව තිබේ.

ඊයේ (29) පස්වරුවේ තිහාරිය දක්වා පැමිණි එම පා ගමන අද දිනයේ පෑලියගොඩ දක්වා ගමන් කිරීමට නියමිත බව වාර්තා වේ.

පසුගිය 26 වනදා මහනුවර නගරයෙන් ආරම්භ වූ මෙම විරෝධතා පාගමන හෙට (01) කොළඹට පැමිණීමට නියමිතය.