(ෆාස්ට් නිව්ස් | කොළඹ) –
අද (30) දිනයේත් දිවයින පුරා පැය 3යි මිනිත්තු 20ක විදුලි කප්පාදුවක් සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
A, B, C, D, E, F, G, H, I, J, K, L යන කලාප සඳහා පෙරවරු 09.00 සිට පස්වරු 05.30 දක්වා අතර කාලය තුළ පැය 2ක කාලයක් සහ පස්වරු 05.00 සිට රාත්‍රි 09.30 දක්වා කාලය තුළ පැයයි මිනිත්තු 20ක කාලයක් විදුලි කප්පාදුව සිදුකෙරෙන බව එම මණ්ඩලය සඳහන් කළේය.
එමෙන්ම P, Q, R, S, T, U, V, W යන කලාප සඳහා ද පෙරවරු 09.00 සිට පස්වරු 05.30 දක්වා කාලය තුළ පැය දෙකක කාලයක් සහ පස්වරු 05.00 සිට රාත්‍රි 09.30 දක්වා කාලය අතරතුර පැයයි මිනිත්තු 20ක කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතය.
මීට අමතරව කොළඹ වාණිජ කලාපය සඳහා අද දින පෙරවරු 06.00 සිට රාත්‍රි 09.20 දක්වා කාලය තුළ පැය තුනක කාලයක් විදුලි කප්පාදුව සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පැවසුවේය.








