FAST NEWS

24×7 Around the Globe

කැබිනට් සහ රාජ්‍ය අමාත්‍ය මණ්ඩලයේ විෂය පථයන්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –

පසුගියදා සංශෝධනය දිව්රුම් දුන් නව කැබිනට් මණ්ඩලය සහ රාජ්‍ය අමාත්‍ය මණ්ඩලයේ විෂය පථයන් හුවා දක්වමින්, නව ගැසට් නිවේදනයක් 1978 දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව නිකුත් කර තිබෙනවා.

ඒ කැබිනට් මණ්ඩලය සහ රාජ්‍ය අමාත්‍ය මණ්ඩලය ප්‍රකාරවයි.

නව සංශෝධනය යටතේ අමාත්‍යාංශ 31ක රාජ්‍ය අමාත්‍යාංශවල කාර්යයභාරය සංශෝධනයකට ලක් වී තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යාංශයට ආරක්ෂක සහ ආපදා කලමනාකරණය, තාක්ෂණ අමාත්‍යාංශයට තාක්ෂණය මෙන්ම බුද්ධශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු අංශයට මෙරට සියලුම සංස්කෘතික හා ප්‍රාසාංග කලා ද අයත් කර තිබෙනවා.

නාගරික සංවර්ධන, නිවාසා, වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් සහ වෙරළ සංරක්ෂණයට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයට යටත් කෙරුණා.

තවත් අමාත්‍යාංශ කිහිපයක විෂය පථයයන් වෙනස් වීමකට ලක් වී ඇති අයුරු දක්නට ලැබෙනවා.