පාර්ලිමේන්තුව විනාඩි දහයකට කල්තැබීමට කතානායක කරූජයසූරිය මහතා තීරණය කළේය.
විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදයේ දෙවැනි දිනය අද සිදු කිරීමට නියමිතව තිබූ අතර එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අයවැය සම්බන්ධයෙන් තවත් පොතක් මන්ත්‍රීවරුන්ට ලබාදීම සම්බන්ධයෙන් කතානායකවරයාගේ අවධානයට යොමු කළේ ය.
මෙහිදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා විසින් මීට කලින් ලබාදුන් පොතත් අද ලබාදී ඇති පොත අතර වෙනස කුමක්දැයි ප්‍රශ්න කළේ ය.
එහිදී පිළිතුරු දුන් සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේ,අයවැය කතා දෙකක් නොමැති බව සඳහන් කළේ ය
මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් අවශ්‍ය බවද කතානායක කරූ ජයසූරිය මහතා පැවසූ අතර ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා පැහැදිලිකිරීමක් කරාවි යැයි ද පැවසී ය.
මේ සම්බන්ධයෙන් සභාවේ උණුසුම් තත්ත්වයක් මතු වූ අතර ඒ අනුව කතානායකවරයා විසින් සභාව විනාඩි දහයකට කල්තබන ලදී.







