(ෆාස්ට් නිව්ස් | කොළඹ) –
සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන අනුරුද්ධ බණ්ඩාර විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ, පොලීසිය විසින් තමන්ව අයුක්ති සහගත ලෙස අත්අඩංගුවට ගෙන රදවා තබාගැනීම තුළින් සිදුවු මූලික අයිතීන් උල්ලංඝනය වෙනුවෙන් රුපියල් මිලියන 100 ක වන්දියක් අයකර දෙන්නැයි ඉල්ලමින්.
එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඒ.ජී.චන්දන කුමාර, පොලිස්පතිවරයා, ඇත්ගාල පොලීසියේ ස්ථානාධිපතිවරයා සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක්.
ජනාධිපතිවරයා විවේචනය කළේ යැයි චෝදනා කරමින් වගඋත්තරකරුවන් විසින් තමන්ව නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගෙන රඳවා තැබීමට කටයුතු කළ බවයි පෙත්සම්කරු සිය පෙත්සම මඟින් පෙන්වාදී ඇත්තේ. අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් තමන්ව ඇප මත මුදාහල බවද පෙත්සම්කරු සඳහන් කර තිබෙනවා.
වගඋත්තරකරුවන් විසින් තමන්ව අත්අඩංගුවට ගෙන රදවා තබාගැනීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස උල්ලංඝනය වූ බවටයි පෙත්සම්කරු චෝදනා කර සිටින්නේ.
ඒ අනුව සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් වගඋත්තරකරුවන්ගෙන් රුපියල් මිලියන 100 ක වන්දියක් අය කර දෙන නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා








