FAST NEWS

24×7 Around the Globe

ඉන්දීය සිනමා නළු Salim Ghouse ජීවිතක්ෂයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –

ඉන්දීය සිනමා නළු Salim Ghouse ජීවිතක්ෂයට පත්ව තිබේ.

මියයනවිට ඔහු 70 හැවිරිදි වියේ පසුවිය.

Salim Ghouse ඊයේ රාත්‍රියේ පපුව ආශ්‍රිතව ඇතිවූ වේදනාවක් හේතුවෙන් රෝහල්ගතකර තිබේ.

අනතුරුව අද අලුයම හෘදයාබාධයක් හේතුවෙන් Salim Ghouse මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

වර්ෂ 1978දී සිනමාවට එක්වූ Salim Ghouse පසුව ටෙලි නාට්‍ය රංගනයට ද එක්විය.

සිනමාවේ දුෂ්ඨ චරිතයට පණ පොවමින් ඔහු සිදුකළ රංගනයන් ප්‍රේක්ෂකයන් අතර ඔහු වඩාත් ජනප්‍රියත්වයට පත්වීමට හේතුවිය.