FAST NEWS

24×7 Around the Globe

මහින්ද ගියොත් විපක්ෂයේ වාඩි වන බව පොහොට්ටු මන්ත්‍රීන් ජනපතිට දැනුම් දෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –

සම්පත් අතුකෝරාල,යූ.කේ සුමිත් උඩුකුඹුර ඇතුළු මන්ත්‍රීවරුන් 10 දෙනෙකු ඊයේ (26) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුව තිබේ.

මෙහිදි වත්මන් දේශපාලන තත්වය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති අතර පසුපෙල මන්ත්‍රීන් ජනාධිපතිවරයාට පවසා තිබෙන්නේ වත්මන් අග්‍රමාත්‍යවරයා ධූරයෙන් ඉවත් කිරිම සිදු වුවහොත් තමන් ඇතුළු පොහොට්ටු මන්ත්‍රීවරුන් ද විපක්ෂයේ අසුන් ගන්නා බව ය.

මෙහිදි පසු පෙල මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට දැඩි ලෙස තදින් අවධාරණය කර තිබෙන්නේ අන්තර්වාර රජයක් පිහිටුවිමට කටයුතු කළහොත් තමන් ඇතුළු පොහොට්ටු මන්ත්‍රීන් විපක්ෂයේ අසුන් ගැනිම අනිවාර්යෙන්ම සිදු වන බවයි.

වත්මන් ආණ්ඩුවට පැහැදිලිවම 113ක බලයක් තිබියදී විපක්ෂයේ ඇතැමුන්ගේ ප්‍රකාශවලට නොරැවටී හදිසි තිරණ නොගන්නා ලෙස ඔවුන් ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.වැඩිදුරටත් අදහස් දක්වමින් එම මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට දැනුම් දී තිබෙන්නේ මේ වැඩෙන් ඔබතුමාටත් ගෙදර යෑමට කටයුතු සැලසෙන බව යි.

ආණ්ඩුව ආරක්ෂා කරගැනිමට කටයුතු කළ යුතු බවත් ජනතා අපේක්ෂා ඉටු කර ගැනීමට තවත් වසර දෙකහාමාරක කාලයක් තිබෙන බවත් ඔවුන් ජනාධිපතිවරයාට තදින් ප්‍රකාශ කර තිබේ.