FAST NEWS

24×7 Around the Globe

චීනයෙන් H3N8 කුරුළු උණ රෝගයේ පළමු රෝගියා හමුවේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –

චීනයේ,H3N8 නැමති කුරුළු උණ ප්‍රභේදය ආසාදනය වීමෙන් පළමු මරණය වාර්තා වී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මධ්‍යම හෙනාන් පළාතේ සිව් හැවිරිදි පිරිමි ළමයෙකු වන අතර අප්‍රේල් 5 වන දින උණ සහ වෙනත් රෝග ලක්ෂණ වර්ධනය වීමෙන් පසු වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කර ගනු ලැබුවා.කෙසේ වෙතත් එරට සෞඛ්‍ය අධිකාරිය ප්‍රකාශ කළේ මෙය මිනිසුන් අතර පැතිරීමේ අවදානම අඩු බවයි.

සමීප සබදතා ඇති කිසිවකුට වෛරසය ආසාදනය වී නොමැති බවයි චීන ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාව නිවේදනය කළේ.