(ෆාස්ට් නිව්ස් | කොළඹ) –
දිවයින පුරා සියලු පාසල්වල ගුරුවරුන් අද ලෙඩ නිවාඩු වාර්තා කර සේවයින් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. ලංකා ගුරැ සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් ප්‍රකාශ කළේ අධ්‍යාපන ලේකම්වරයාට ඉන්ධන මිල වැඩි වීමත් සමඟ මතුව ඇති තත්ත්වය පිළිබඳව දැනුම් දුන් බවයි.
ගුරුවරුන්ට සහ සිසුන්ට තමා ආසන්න පාසලට යාමට පහසුකම් සලසා දෙන ලෙස ඉල්ලා සිටි නමුත් ඊට කිසිදු ප්‍රතිචාරයක් නොමැති නිසා ලෙඩ නිවාඩු වාර්තා කර සේවය ට පැමිණීමෙන් වැලකී සිටින බවයි ඔහු කියා සිටියේ.








