FAST NEWS

24×7 Around the Globe

නව අමාත්‍ය මණ්ඩලයේ පළමු රැස්වීම අද

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –

නව අමාත්‍ය මණ්ඩලයේ පළමු රැස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ පැවැත්වෙනවා.

පසුගිය 18 වන දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙනු ලැබුවා.

එමෙන්ම, නව අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන හා විෂය පථයන් ගැසට් නිවේදනයක් මගින් නිකුත් කිරීමට නියමිතයි.

මේ අතර 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර 19 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කළ යුතු බවට වන කැබිනට් පත්‍රිකාවක් අග්‍රාමාත්‍යවරයා විසින් අද අමාත්‍ය මණ්ඩලයට අනුමැතිය සඳහා ඉදිරිපත් කෙරෙන බවයි වාර්තා වන්නේ.

පසුගිය පාර්ලිමේන්තු සතියේ දී ආණ්ඩුවේ සිට ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම සහ සමගි ජන බලවේගය විසින් ද කථානායකවරයා වෙත භාර දුන් 21 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධන කෙටුම්පත් යෝජනා දෙක ද අමාත්‍ය මණ්ඩලයට යොමු කර ඇති බවයි කථානායක මහින්ද යාපා අබේවර්ධන කියා සිටියේ.

ඒ අනුව ඉදිරියේ දී ගෙන ඒමට නියමිත 21 වන ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත ඉදිරියේ දී නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව වෙත යොමු කර අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත යි