(ෆාස්ට් නිව්ස් | කොළඹ) –
ශ්‍රී ලංකාවේ කාන්තා මීටර් 400 කඩුලු මතින් දිවීමේ ඉසව්වේ වත්මන් ජාතික ශූරිය වන කෞෂල්‍යා මධුෂානි සියදිවි හානි කර ගැනීමට පෙර ලිපියක් ලියා තිබේ.
එම ලිපියේ සටහනක් තබමින් ඇය සඳහන් කර ඇත්තේ, මෙම තීරණය තමන් විසින් ගත් තීරණයක් බවත් මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ හෝ වගකිව යුත්තන් සෙවීමටවත් අවශ්‍ය නොවන බවත්ය.
එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, “මේක මගෙ කැමැත්ත. මේ දෙයට වෙන කිසිම කෙනෙක් වගකිව යුතු නැහැ. මගේ ජීවිතය ගැන මා විසින් ගත් තීරණය ගැන පරික්ෂණ කිරීමටත් වගකිව යුත්තන් සෙවීමටවත් අවශ්‍ය නොවන අතර මා ගැන මම වගකීම ගන්නම්.” යනුවෙනි.
ශ්‍රී ලංකාවේ කාන්තා මීටර් 400 කඩුලු මතින් දිවීමේ ඉසව්වේ වත්මන් ජාතික ශූරිය වන කෞෂල්‍යා මධුෂානි අද සියදිවි හානි කර ගෙන තිබුණි.
25 හැවිරිදි වියේ පසු වූ කෞෂල්‍යා අද උදෑසන 11ට පමණ සිය නිවසේදී දිවි හානි කර ගෙන ඇති බව කුලියාපිටිය පොලීසිය අප කළ විමසීමකදී සඳහන් කළේය








