FAST NEWS

24×7 Around the Globe

බැසිල්ට විදෙස් ගමන් තහනමක් ඉල්ලීම ප්‍රතික්ෂේපයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම් එස් ආර් ආටිගල යන මහත්වරුන්ට විදෙස් ගමන් තහණමක් පණවන ලෙස කල ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා විසිනුයි අධිකරණයෙන් මෙම ඉල්ලීම සිදුකර තිබුණේ.

ඒ ඔහු විසින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව ගොණු කරන ලද පුද්ගලික පැමිණිල්ලට අදාළවයි.