FAST NEWS

24×7 Around the Globe

කබ්රාල්ට මැයි 2 තෙක් විදෙස් ගමන් තහනම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට පැනවූ විදෙස් ගමන් තහනම මැයි මස 2 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේ ය.

ඔහුට මැයි මස දෙවැනි දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා අද (18) නැවත සිතාසි ද නිකුත් කෙරිණ.

ඒ ඔහු ඉකුත් හත්වැනිදා මහේස්ත්‍රාත් අධිකරණය මගින් නිකුත් කළ සිතාසි අනුව අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙනි.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා හමුවේ පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේ එසේ නැවත සිතාසි නිකුත් කෙරිණ.