FAST NEWS

24×7 Around the Globe

‘පන්නමු’ : අද වාද්දුව සිට..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පන්නමු යන මැයෙන් ජාතික ජන බලවේගය සංවිධාන කර ඇති දැවැන්ත පාගමන අද දිනයේත් ක්‍රියාත්මකයි.

ඊයේ දිනයේදී බේරුවල නගරයෙන් ආරම්භ එය අද වාද්දුවේ සිට මොරටුව දක්වා ගමන් කිරීමටයි නියමිතව ඇත්තේ.

විරෝධතා පාගමන ඊයේ පෙරවරුවේ බේරුවලින් ආරම්භ වුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉල්ලා අස්වන ලෙස බලකරමින් ගාලු මුවදොර පැවැත්වෙන විරෝධතාවයට සහය පළ කරමින් මෙම පාගමන සංවිධානය කර තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකයින් අද වාද්දුව සිට මොරටුව දක්වා පාගමනක් පැවැත්වීමට නියමිතයි.

එම පිරිස හෙට මොරටුව සිට ගාලුමුවදොර දක්වා විරෝධතා පා ගමනක නිරත වන අතර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණ භූමියේ පැවැත්වෙන විරෝධතාවයට ද එක්වීමට නියමිතයි.