FAST NEWS

24×7 Around the Globe

නැදුන්ගමුවේ හස්ති රාජයා අවසන් ගමන යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දළදා මාළිගාවේ පෙරහැර මංගල්‍යය ඇතුළු ප්‍රධාන පෙරහැර මංගල්‍යයන්හි කරඬුව වැඩම කර වූ නැදුන්ගමුවේ හස්තියා මියගිය බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ පවසයි.

දියවඩන නිලමේ පැවසුවේ අද (07) පෙරවරුවේ දී හස්ති රාජයා මියගිය බවයි.

මිය යනවිට 69 ක් වයසැතිව සිටි රාජා හස්තියා දළදා පෙරහරේ 13 වතාවක් සධාතුක කරඩුව වැඩමවීම සිදු කොට ඇති අතර අවසන් වරට පසුගිය වසරේද කරඩුව වැඩමවීම සිදු කළේය.

මියගිය රාජා හස්තියාගේ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව හිමිකරු වෛද්‍යාචාර්ය හර්ෂ ධර්මවිජය මහතා පැවසීය.