FAST NEWS

24×7 Around the Globe

අද දිනයේ බස් රථ ධාවනය 25%යි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්ධන අර්බුදය හමුවේ දිවයින පුරා ධාවනය කරවීමට සිදුව ඇත්තේ පෞද්ගලික බස් රථ 4,000 ත් 5,000ත් අතර ප්‍රමාණයක් පමණක් බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති ගැමුණු විජේරත්න මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ අද (07) දිනයේදී ධාවනය කරවීමට හැකියාව පවතින්නේද පෞද්ගලික බස් රථවලින් සියයට 25 හෝ ඊට වඩා අඩු අගයක ධාරිතාවක් බවයි.

රාත්‍රි කාලයේදී බස් රථ ධාවනය සම්පූර්ණයෙන්ම ඇනහිටීමේ තත්වයක් පවතින බවද ගැමුණු විජේරත්න සදහන් කරයි.