FAST NEWS

24×7 Around the Globe

අයි.ඩී.එච්. උපරිම ධාරිතාවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජාතික බෝවන රෝග විද්‍යායතන හෙවත් අයි.ඩී.එච් රෝහලට ඇතුළත් කෙරෙන කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය ඉහළ යාම හේතුවෙන් එහි රෝහල් ධාරිතාවය උපරිම මට්ටමට ලඟා වී තිබෙනවා.

මෙම තත්ත්වය හටගෙන තිබෙන්නේ, මෙරටින් ප්‍රථම වරට කොරෝනා ආසාදිත චීන ජාතික කාන්තාව හමු වී ඊයේ දිනට වසර 02ක් සම්පූර්ණ වු පසුබිමකයි.

තවත් කොරෝනා ආසාදිතයන් 891ක් ඊයේ මෙරටින් වාර්තා වීමත් සමග මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 63,654ක් දක්වා ඉහළ ගියා.

මෙරට සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 15,330ක් දක්වා ඉහළ ගියේ ඊයේ මෙරටින් තවත් කොරෝනා මරණ 17ක් වාර්තා වීමත් සමග යි.

මෙලෙස මෙරටින් වාර්තා වන දෛනික කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය ඉහළ යමින් ඇති පසුබිමක ජාතික බෝවන රෝග විද්‍යායතනයේ රෝහල් ධාරිතාවය උපරිම මට්ටමට ළගා වෙමින් ඇති බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක සඳහන් කළා.