FAST NEWS

24×7 Around the Globe

දැවි තෙල් නොමැතිව බත්තල විදුලි බලාගාරය නවතී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දැවි තෙල් නොමැති වීම හේතුවෙන් බත්තල විදුලි බලාගාරයේ විදුලි ජනන කටයුතුද තවත් නොබෝ වේලාවකින් නතරවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

තවත් විදුලි බලාගාර රැසක දැවි තෙල් තොගද අවසන් අදියරේ පවතින බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමුනි සඳහන් කර සිටිනවා