FAST NEWS

24×7 Around the Globe

අමු කහ මිල පහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අමු කහ කිලෝවක මිල මේ වන විට රුපියල් 200ත් 250ත් අතර සිල්ලර මිලක් දක්වා පහල බැස තිබේ.

රුපියල් 1,000 සීමාව ඉක්මවා ගොස් තිබුණු අමු කහ මිල, කහ අස්වැන්න නෙළීමට පටන් ගැනීමත් සමඟ මෙලෙස පහළ බැස තිබේ.

ගොවීන් විසින් වගා කරන ලද කහ අස්වනු මිල දී ගැනීම මේ වන විට ආරම්භ කර ඇති අතර කහ කිලෝවක් රුපියල් 160ක මුදලකට මිල දී ගැනීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ගොවීන්ගෙන් කහ මිලදී ගැනීමට කුළු බඩු මණ්ඩලය ඇතුළු ආයතන කිහිපයක් එක්ව සිදු කරන බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.