FAST NEWS

24×7 Around the Globe

කැලණිතිස්ස බලාගාරය මේ වනවිට සක්‍රිය වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කැලණිතිස්ස බලාගාරය මේ වනවිට සක්‍රිය කර තිබෙනවා.

ඒ අනුව සුපුරුදු පරිදි කැලණිතිස්ස සංයුක්ත චක්‍රීය බලාගාරයෙන් මෙගාවොට් 165ක ධාරිතාවක් සහ කැලණිතිස්ස විදුලි බලාගාරයෙන් මෙගාවොට් 115ක් මේ වනවිට උත්පාදනය කෙරෙනවා.

දිනකට කැලණිතිස්ස බලාගාරයෙන් මෙගාවොට් 286ක් ජාතික පද්ධතියට එක් කෙරෙන අතර, ඒ සඳහා දිනකට ඩීසල් මෙටි්‍රක් ටොන් 1500ත් 1800ත් අතර ප්‍රමාණයක් වැය වනවා.

ඒ අනුව ඛනිජ තෙල් සංස්ථාවෙන් ලද ඩීසල් තොගය විදුලිය නිෂ්පාදනය සඳහා තවත් දින 06ක කාලයකට ප්‍රමාණවත්.

මේ අතර, මෙගාවොට් 300ක් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරුණු, නොරොච්චෝලේ බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් තවදුරටත් අක්‍රිය ව පවතිනවා.