FAST NEWS

24×7 Around the Globe

විභාග සහතික පත් නිකුත් කිරීමේ එක්දින සේවය තාවකාලිකව අත්හිටුවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විභාග සහතික පත් නිකුත් කිරීමේ එක්දින සේවය ලබන සඳුදා සිට තාවකාලිකව අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

කෙසේ නමුත් සහතික පත්‍ර අයදුම් කිරීම මාර්ගගත ක්‍රමයට සහ විද්‍යුත් තැපැල් ක්‍රමයට සිදු කිරීමට පහසුකම් සපයා තිබෙනවා.

එමෙන්ම සහතික පත් අවශ්‍යතාව අනුව විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත හෝ අධිවේගී තැපැල් මගින් අයදුම්කරුගේ ලිපිනය වෙත යොමු කරන බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

පෙබරවාරි මාසයේ ආරම්භ වන උසස් පෙළ විභාගය සඳහා උපරිම කාර්ය මණ්ඩලයක් යෙදවීම හේතුවෙන් මෙලෙස එක්දින සහතික පත් නිකුත් කිරීමේ සේවය තාවකාලිකව අත්හිටුවීමට සිදු වූ බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.