FAST NEWS

24×7 Around the Globe

අද විදුලි කප්පාදුවක් නැහැ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද දිනය තුළ විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘෘ නවමනි මහතා නිව්ස් රේඩියෝවට කියා සිටියේ සපුගස්කන්ද විදුලි බලාගාරයේ දැවිතෙල් තොග අද පස්වරු 2 වන විට අවසන් වන බවයි.

කෙසේ වුවත් සෙනසුරාද දිනයේ විදුලි ඉල්ලුම අවම මට්ටමක පවතින බැවින් කප්පාදුවකින් තොරව එම තත්වය කළමණාකරණය කිරිමේ හැකියාව පවතින බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.