FAST NEWS

24×7 Around the Globe

පාඨලී චම්පිකගේ රිය අනතුරු නඩුව කල්යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රාජගිරියේදී රිය අනතුරක් සිදු කර එහි සාක්කි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු තිදෙනකුට එරෙහි නඩුව ලබන මස 18 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මාහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා අද (21) තීරණය කළේය.

තමා රෝගීව නේවාසිකව ප්‍රතිකාර ලබන බව මීට පෙර දිනයේදී අධීකරණයට දැනුම් දුන් පාඨලී චම්පික රණවක මහතා මෙම නඩුව කැදවනු ලැබූ අවස්ථාවේ අධීකරණයේ පෙනී සිටිම සළකා බැලූ විනිසුරුවරයා නඩුව විභාගයට දින නියම කළේය.

පාඨලී චම්පික රණවක මහතා සමග මෙම නඩුවේ ඔහුගේ රියදුරු ලෙස කටයුතු කළ දිලුම් තුසිත කුමාර හා වැලිකඩ පොලීසියේ ස්ථානාධීපතිවරයා ලෙස සිටි සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල මහතා චෝදනා ලැබ සිටිති.