FAST NEWS

24×7 Around the Globe

විදුලි විසන්ධිවීමක් ගැන හදිසියේ ගත් තීරණය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (19) දිනයේ විදුලිය විසන්ධිවීමක් සිදුවිය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

ඒ අනුව පැයක පමණ කාලයක් එලෙස විදුලිය විසන්ධි විය හැකි බව එම මණ්ඩලය දැනුම්දෙයි.

ඉන්ධන නොමැතිවීම හේතුවෙන් මේ වනවිට අක්‍රිය වී ඇති කැලණිතිස්ස විදුලි බලාධාරය යථා තත්ත්වයට පත්වෙන තුරු එම විදුලි කප්පාදුව සිදුවෙන බව වාර්තා වෙයි.