FAST NEWS

24×7 Around the Globe

අද සවස පහේ සිට කැලණිතිස්ස විදුලි ජනනය නවතියි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කැලණිතිස්ස විදුලි බලාගාර සංකීර්ණයේ සියලුම තාප විදුලි ජනන යන්ත්‍ර අද(18) පස්වරු 5.00 සිට අක්‍රිය කිරීමට සිදුවන බව විදුලි ඉංජිනේරු සංගමය පවසනවා.

මීට හේතු වී ඇත්තේ, එම විදුලි ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ඉන්ධන තොග අද සවස් වනවිට අවසන් වීමයි.

අවශ්‍ය ඉන්ධන තොග ලබා ගැනීමට අවස්ථා ගණනාවක දී බලශක්ති අමාත්‍යාංශය සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමඟ සාකච්ඡා කළ ද එම සාකච්ඡාවලට මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් හිමි වී නැහැ.

මේ අනුව අද සවස පහේ සිට ජාතික විදුලි බල පද්ධතියට මෙගා වොට් 300ක ධාරිතාවක් අහිමි වනු ඇති.

මේ හේතුවෙන් අද දින සිටම රාත්‍රී කාලයේ පැය එක හමාරක විදුලි කප්පාදුවක් කිරීමට සිදු වනු ඇති බවට යි විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ ලේකම් ධම්මික විමලරත්න පවසන්නේ.