FAST NEWS

24×7 Around the Globe

ලබන සෙනසුරාදා ශිෂ්‍යත්ව විභාගයට සියලු කටයුතු සූදානම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලබන සෙනසුරාදා පැවැත්වීමට නියමිත මෙවර ශිෂ්‍යත්ව විභාගය සදහා සියලු කටයුතු සූදානම් කර අවසන් බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

අනවශ්‍ය බියක් ඇතිකර නොගනිමින් විභාගයට හොදින් සූදානම් වන ලෙසයි විභාග කොමසාරිස් ජනරාල් එල් එම් ඩී ධර්මසේන මහතා දරුවන්ට දැනුම් දෙන්නේ.

ඊයේ පැවති මාධ්‍ය හමුවකදී විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් මෙවර ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.

මේ අතර දරුවන් විභාග මධ්‍යස්ථාන කරා රැගෙන ඒමේදී දෙමව්පියන් විසින් අනුගමනය කල යුතු කරුණු සහ විභාග මධ්‍යස්ථානය තුලදී දරුවන් අනුගමනය කලයුතු කරුණු සම්බන්ධයෙන්ද විභාග කොමසාරිස් ජනරාල් එල් එම් ඩී ධර්මසේන මහතා මෙලෙස කරුණු පැහැදිලි කළා.