FAST NEWS

24×7 Around the Globe

ලංවිමට ඉන්ධන ලබාගැනීම – අද විශේෂ සාකච්ඡාවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලංකා විදුලිබල මණ්ඩලයට විදුලිය නිපදවීම සඳහා ඉන්ධන ලබාගැනීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතයි.

විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කළේ මුදල් අමාත්‍යාංශය, මහ බැංකුව, විදුලිබල මණ්ඩලය සහ ලංකා ඛණිජ තෙල් සංස්ථාව ඇතුලු පාර්ශව කිහිපයක් ඊට එක්වන බවයි.

මේ අතර ලංකා අයි ඕ සී සමාගමෙන් ඉන්ධන ලබා ගත හැකිද යන්න සොයාබලන ලෙසද තමන් විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට සහ විදුලිබල අමාත්‍යංශයේ ලේකම්වරයාට උපදෙස් දුන් බවද අමාත්‍යවරයා කියා සිටියා.